පියඹා ඇදෙමි දුර ඈතක මම තනිව
නෙක වතු උයන් අභිබවමින් ගගන මැද
කඳුහෙල් තැනිතලා බඩ ඕවිටි අතර
සරතැස නොමැත මේ සුවිසල් අහසෙ මට
පණ නළ දිසි මද නල ඇත තනි මකනා
පියඹමි නොයෙක් සෘතු එකිනෙක පහු කරලා
රැය මට පුදසුනකි හද සතුටින් පුදනා
වෙන කිසි දෙයක් නැත ඇවසිව මට දැනිලා
නොනිමා වෙන සැරියෙ මුල් අදියරෙ ඉඳලා
නුඹ වැනි නොයෙක් බාධක ඇත හමූවීලා
හද අලවනා කවි බැඳිමුත් මට කියලා
මම නොනැවතී යමි සඳ නුඹ අතහැරලා
-~~~ ඉරිසියාකාර <3 හිනාව ~~~-

Friday, August 5, 2011
Thursday, August 4, 2011
යතුරු ලියන්නිය ~~~-
යතුරු පුවරුවෙ බොත්තම් මත
සූ සැට වන්නම් නටන දෑඟිළි
දහඩියෙන් පෙඟුනු හැට්ටය
.දෙදරණ පංකාවෙ
බොරු හුලඟින් නැහැ වුන
මරහඬ නංවයි
වයෝවෘද්ධ යතුරු ලියනය
අවසන් හෝරාවේ පසුවන
යතුරුලියන්නියගේ වෛරයෙන්
අනේක පීඩා විඳ
අල්ලපු කාමරේ තියෙන
අළුත් කොම්පියුටරේ දකින
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
හෙළුවේ කිරුළ ______ . . .
පැට්ටේරි ප්‍රෙමය ~~~-
අකුණු සැර සරින්
ඉහළ පහල යන
තියුනු ඉඳිකටු තුඩ
රෝස මල් පෙති සදිසි
ඔය දෑඟිළි අතරින්
යයිදෝ බියෙන්
බලා හිඳ ඔබ දෙස මම
කර්කෂ වචනයෙන්
සංග්‍රාහ ලැබූවෙමි
සුපර්වයිසර්
ඇගෙන්
-~~ ඉ ♥ හි ~~-
Monday, July 25, 2011
-~~~ ගිණිකූරු ~~~-
ඉටි තවරා කඩදහියක
නාඹර පෙනුමක් එක් කොට
ගිනි ගන්නට හිස මුඩු ලෙස
නාඹර පෙනුමක් එක් කොට
ගිනි ගන්නට හිස මුඩු ලෙස
පැතුම් බෙහෙත් තර කර ඇත
ඇලවී එක තනි රූලක
හිස ගිනිගෙන ඇවිලෙනු දැක
කඳුලක් ඉටි කැටි මුසුවුන
රූරා ඒයි දෑඟිළි දෙස
ගිනිගෙන වැටුනම මිහි මත
පිනි වැද ඉන් මලගම යන
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
- = වරදෙහි බැඳුනු බිරිඳ = -
පහන් සිලක් සැලේ හෙමින්
හාදු සුලං ලැබේ
සමන් වැලක් වටේ දුරින් බිඟුන් තුඩක් ඇදේ
රැකන් බලන් ඉන්න හිතන්
පැතුම් ඇතත් හිතේ
පහන් සිලෙන් එන පුපුරෙන්
සෙමෙන් මමත් දැවේ
තනුව සිඳුනු පෙම් කවියක
රසය දැනේ ඔබේ
සැනෙන් බැඳුනු සේ ඔබ වෙත
තවත් සිතක් බැඳේ
ලවන් හසින් සරසාගෙන
ඔබත් ඔහුට ඇදේ
අහිමි පෙමට කවි ලිව්වට
මගේ සිතත් රිදේ
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
පහන් සිලක් සැලේ හෙමින්
හාදු සුලං ලැබේ
සමන් වැලක් වටේ දුරින්
රැකන් බලන් ඉන්න හිතන්
පැතුම් ඇතත් හිතේ
පහන් සිලෙන් එන පුපුරෙන්
සෙමෙන් මමත් දැවේ
තනුව සිඳුනු පෙම් කවියක
රසය දැනේ ඔබේ
සැනෙන් බැඳුනු සේ ඔබ වෙත
තවත් සිතක් බැඳේ
ලවන් හසින් සරසාගෙන
ඔබත් ඔහුට ඇදේ
අහිමි පෙමට කවි ලිව්වට
මගේ සිතත් රිදේ
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
Sunday, July 24, 2011
- = රූ =-
බහුරූ
කලා හිතකින් ඇඹ ලූ
බලන සිත මන් මත් කෙරූ
කවුද දන්නේ අරූ කෑවා වත්ද අල නගා මැරූ
අපේ අල්ලපු ගෙදර ඉන්න සඳරූ
අනේ ඇත්තමයි ඒකි නම් මරූ
සල්ලි බාගෙනුත් හෙන සරූ
හික්..
ඇයි ගස් ලබ්බක් වගේ රණ තිසරූ
හප්පා ... මට මතක් වෙනවා කරූ
ඒත් ඉතින් කොහෙද අපි ලඟ පින් කෙරූ
මම දැක්කා ඒයා රෑට ගනිනවා තරූ
මම දැක්කා හඳ එළියෙන් ඇගෙ රූ
මේ අම්ම්පා කරූ
මම ආසයි සඳරු එක්ක පදින්න ඔරූ
ඒත් මේ හිඟන්නට කොහෙද ඒකට වාරූ
ඇයි කරූ ලෝකේ මෙච්චර කුරිරූ
ඒක නෙවෙයි බං කරූ දවසක් ආවනේ සඳරුගෙ ගෙට පනින්න හොරූ
උන් කියනවා මට "මහත්තයා අලවංගුවක් තිබුනා නම් මරූ"
උඹට මතකද සඳරුගෙ අක්කා චාරූ
අර කලින් හැදිලා තිබුනේ ලාදුරූ
ඒකි මට කතා කලා දවසක් යන්න, සැඳෑවට රූ
මම හෙමීට ශේප් උනා කියලා බොරූ
නැත්නම් කොහොමද මම ඒකට යන්නේ එක්ක සඳරූ
උදේ ඇහුනා FM එකේ තරූ
ආ ආ ආදර තාරූ
මා ආ ආ හද පෑරූ
දැන් ඔව්වා වැඩක් නෑ කරූ
මටත් ඉන්නවානේ දෙන්නෙක් දරූ
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
කලා හිතකින් ඇඹ ලූ
බලන සිත මන් මත් කෙරූ
කවුද දන්නේ අරූ කෑවා වත්ද අල නගා මැරූ
අපේ අල්ලපු ගෙදර ඉන්න සඳරූ
අනේ ඇත්තමයි ඒකි නම් මරූ
සල්ලි බාගෙනුත් හෙන සරූ
හික්..
ඇයි ගස් ලබ්බක් වගේ රණ තිසරූ
හප්පා ... මට මතක් වෙනවා කරූ
ඒත් ඉතින් කොහෙද අපි ලඟ පින් කෙරූ
මම දැක්කා ඒයා රෑට ගනිනවා තරූ
මම දැක්කා හඳ එළියෙන් ඇගෙ රූ
මේ අම්ම්පා කරූ
මම ආසයි සඳරු එක්ක පදින්න ඔරූ
ඒත් මේ හිඟන්නට කොහෙද ඒකට වාරූ
ඇයි කරූ ලෝකේ මෙච්චර කුරිරූ
ඒක නෙවෙයි බං කරූ දවසක් ආවනේ සඳරුගෙ ගෙට පනින්න හොරූ
උන් කියනවා මට "මහත්තයා අලවංගුවක් තිබුනා නම් මරූ"
උඹට මතකද සඳරුගෙ අක්කා චාරූ
අර කලින් හැදිලා තිබුනේ ලාදුරූ
ඒකි මට කතා කලා දවසක් යන්න, සැඳෑවට රූ
මම හෙමීට ශේප් උනා කියලා බොරූ
නැත්නම් කොහොමද මම ඒකට යන්නේ එක්ක සඳරූ
උදේ ඇහුනා FM එකේ තරූ
ආ ආ ආදර තාරූ
මා ආ ආ හද පෑරූ
දැන් ඔව්වා වැඩක් නෑ කරූ
මටත් ඉන්නවානේ දෙන්නෙක් දරූ
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
Saturday, July 23, 2011
-= කවි ලියන්නට බැහැ නුඹ ගැන =-
නුඹෙ රුව මවා හද තුල සිතුවිලි සිරවී
නුඹ ගැන ලියන්නට ගොස් පන්හිඳ නැවතී
කලුවර පුරුදු ඇස් පියවෙන්නේද නැතී
නුඹමය සොඳුරු කව, වෙන කවි වැඩක් නැතී
හිනා නැතුව සැඟවී නුඹ උන් විටදී
සෙනේ පිරුනු පපුවට මහ දුකක් දිදී
දමා ගියොත් මා, නුඹ හට හෙනත් වදී
පිදුව පෙමට නුඹ දුන් දුක බොහොම මදී
කවක් ලියන පැන්සල් කොට උල් කරමී
පොතේ හරි මැදින් කොලයක් ඉරා ගමී
නුඹේ නග්න රුව මොහොතක මවා ගමී
කවක් නැතත් මම ඔබෙ සිතුවම අඳිමී
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
අමුතු ආදරේ ~~~-
-= අමුතු මුතු =-
ඔය බැල්ම හද සසල කරවනා
නෙතු බැන්ද පෙම් රුවට සුව දෙනා
රැය නින්ද හෙමි හෙමින් උදුරනා
ඔබ නැතුව මේ පපුව වැලපෙනා
නෙතු බැන්ද පෙම් රුවට සුව දෙනා
රැය නින්ද හෙමි හෙමින් උදුරනා
ඔබ නැතුව මේ පපුව වැලපෙනා
හිත සවිය ගෙන කවක් පබඳිනා
ඔය සුවඳ හිත පුරා පැතිරෙනා
මතු මතුත් ඔබෙ වෙන්න පතමිනා
කවි හිතින් අමුතු කවි ලියැවෙනා
-~~~ ඉරිසියාකාර හිනාව ~~~-
Friday, July 22, 2011
මානෙල් කටු ~~~-
පිංකල බෙල්ලන්විල
සීතල වගුරු හුළඟට
තිරය පිටුපස
තනා ඇත දිළිඳු පැලක්....
දෙහිවල ගල්කිස්ස
බුල් ඩෝසරේ දැත්තට
පුපුරුවා ගිය
උණු කඳුළු නළයක්
දෛවයේ නපුරු සිහිනයට
අලෙවි කල මල් මිටෙත්
සුදුපාට නෝනාට දුන්නම
කටු ඇනිලා ඇගෙ අතෙත්
සීතල වගුරු හුළඟට
තිරය පිටුපස
තනා ඇත දිළිඳු පැලක්....
දෙහිවල ගල්කිස්ස
බුල් ඩෝසරේ දැත්තට
පුපුරුවා ගිය
උණු කඳුළු නළයක්
දෛවයේ නපුරු සිහිනයට
අලෙවි කල මල් මිටෙත්
සුදුපාට නෝනාට දුන්නම
කටු ඇනිලා ඇගෙ අතෙත්
තාම නුඹ බලාගෙන ~~~-
කොලඹ ඉඳන්
ගෙදර යන්න
බස් එකකට නැග්ගම මම
නුඹ බලාන උන්නා
වීදුරුවෙන් එහා හිඳ
පානදුරත් පහු උනා
ඈතින් අළුත් ගීයකුත් ඇහෙනවා
හොරැහින් බැලුවාම වීදුරුවෙන්
තාමත් නුඹ එතනම
ගොම්මන මැද්දෙ වාද්දූවෙ
ප්ලේන්ටියක් බොන්න
බස් එක නැවැත්තුවාම
ප්ලේන්ටියට තනියට
විස්සක් වියදම් කරලා
ගල් ඇන්දක් උඩ වාඩි උනාම
මට රවාගෙන
තාම නුඹ බලාගෙන
කළුතර පාලම පහුවෙද්දි
පාලම යටින් ගඟේ
නටන දියරැලි අස්සෙ ඉඳගෙන
නුඹ තාමත් බලාගෙන
කම්මැලි කමට නින්දක් දාගෙන
ගාල්ලත් පහු කරනකොට
ගාලු කොටුවට බර වීගෙන
තාමත් නුඹ ඇස් ඇරගෙන
බැහැපං මලයා
කොන්දොස්තර කියනකොට
කොරොස්කට බිඳගෙන
බස් එකෙන් බැස්සම
අතකින් මුව වසාගෙන
තාම නුඹ බලාගෙන
මෙච්චර දුරක් ඇවිදින්
මහන්සිය වැඩිකමට
ඇලවෙන්න හැදුවම
හිල් වෙච්චි පොල් අතු අතරින්
තාම නුඹ බලාගෙන
ගෙදර යන්න
බස් එකකට නැග්ගම මම
නුඹ බලාන උන්නා
වීදුරුවෙන් එහා හිඳ
පානදුරත් පහු උනා
ඈතින් අළුත් ගීයකුත් ඇහෙනවා
හොරැහින් බැලුවාම වීදුරුවෙන්
තාමත් නුඹ එතනම
ගොම්මන මැද්දෙ වාද්දූවෙ
ප්ලේන්ටියක් බොන්න
බස් එක නැවැත්තුවාම
ප්ලේන්ටියට තනියට
විස්සක් වියදම් කරලා
ගල් ඇන්දක් උඩ වාඩි උනාම
මට රවාගෙන
තාම නුඹ බලාගෙන
කළුතර පාලම පහුවෙද්දි
පාලම යටින් ගඟේ
නටන දියරැලි අස්සෙ ඉඳගෙන
නුඹ තාමත් බලාගෙන
කම්මැලි කමට නින්දක් දාගෙන
ගාල්ලත් පහු කරනකොට
ගාලු කොටුවට බර වීගෙන
තාමත් නුඹ ඇස් ඇරගෙන
බැහැපං මලයා
කොන්දොස්තර කියනකොට
කොරොස්කට බිඳගෙන
බස් එකෙන් බැස්සම
අතකින් මුව වසාගෙන
තාම නුඹ බලාගෙන
මෙච්චර දුරක් ඇවිදින්
මහන්සිය වැඩිකමට
ඇලවෙන්න හැදුවම
හිල් වෙච්චි පොල් අතු අතරින්
තාම නුඹ බලාගෙන
උමා ~~~-
අබායා කළු වලාකුළ
වසා ඇත මුලු නිම්නය
දෙනෙත් මගෙ නැත පින් කර
දකින්නට සැඟවුනු වත
ඇදීඑන පැල්පත් ගඳ
නැහැපුඩු හාරවා ගිය
ඒ මැදින් ගලායන නිල්
නදීකය ඔබමය සඳ
වසා ගෙන රිය කවුළු මම
නික්ම යමි අහිමිව සිත
තබා එය පැල්පතේ පිල
බලා යනු දිවා රෑ...
වසා ඇත මුලු නිම්නය
දෙනෙත් මගෙ නැත පින් කර
දකින්නට සැඟවුනු වත
ඇදීඑන පැල්පත් ගඳ
නැහැපුඩු හාරවා ගිය
ඒ මැදින් ගලායන නිල්
නදීකය ඔබමය සඳ
වසා ගෙන රිය කවුළු මම
නික්ම යමි අහිමිව සිත
තබා එය පැල්පතේ පිල
බලා යනු දිවා රෑ...
Monday, June 27, 2011
මට ආසයි
මට ආසයි කිකිළිය කුට පෙම් කරලා
කුකුල් කූඩුවක් අත්තක් උඩ හදලා
බ්‍රොයිලර් පැටව් දෙක තුනකුත් ඇති කරලා
මගෙ දිවිගෙවන්නට තඩි කුකුලෙක් වීලා
*ලොවේ නැත අන් රසඳුන නොපල කවි සේ සුවදෙන*
කියලා දැක්කම
ලොකු පොතක තිබිලා
මට මතක් උනා
අපෙ මැරුණ ආච්චි අම්මා
මට හොරෙන්
එකතු කරගෙන
පෙට්ටගමේ දාලා
පරිස්සම් කරගෙන
ඉතිරි කරගෙන තිබූ
නුඹට මම ලියලා,
දෙන්න බැරි උනු
කවි ලියපු
දිනපොත...
ඔබට මම
හිතුනම වේගෙන් යන
ඕනෑම වෙලාවක
හෙමින් යන
විටක තරඟයේ යන
හැම මොහොතෙම
නැවතුමක් සොයා යන
138 බසයක් වැනි
නුඹේ ජීවිතයට
කන්තෝරුවට යන්න
පමාවී
වැරදීමකින් වාගේ
අහම්බෙන් ගොඩවුනු
මගියා, ය
මම
වෙනස
එදා මහ යුධ බිමේ
පතාක යෝධයකු මෙන්
විස් කම් පෑ
යුද්ධ ටැංකිය
මාන පඳුරෙන්
වට උනු
හිල් වෙච්චි
ටකරමෙන් සෑදුනු
කඳවුරේ කොනේම
මඩුවේ වැජඹෙයි
මෙදා...
වටිනාකම
මගේ ප්‍රේමනීය කවියට
උඹ දුන්නු
වටිනාකම
විවර කළ
හැඳි වතින් මතුවුනු
නග්න දේහය නම්
තු: විතරක්...
මගේ කවිය..
උඹ දුන්නු
වටිනාකම
විවර කළ
හැඳි වතින් මතුවුනු
නග්න දේහය නම්
තු: විතරක්...
මගේ කවිය..
Saturday, June 18, 2011
කඳුළු
කඳුළු වලින් පොඟව ගත්ත
රක්ත වර්ණ නීල නුවන්
අහස දිහා බලාගත්ත
අතම ඉන්න නීල නුවන්
බෝල බෝල කඳුළු බින්දු
මගෙ දිහාම බලා ඉඳන්
සඟවන්නට හදන රහස
හීනෙන් හරි මට කියපන්
පින් නොකල පින් ඇස් .....
දෙකනේ රුවා ඇති රන් තෝඩුවට නොව
වරලේ ගසා ඇති අරලිය මලයි සුව
නිතඹේ ඇඳුනු රේඛාවක් කියන කව
සුවදේ ඔබේ ලඟ හමනා සුවඳ තව
ඉඳුලේ නොගිය දෙතොලේ ඇති හිනාවයි
කඳුලේ පහස නොලැබූ වාසනාවයි
මිදුලේ පිපුනු වතු සුදු මල් පරාදයි
උකුලේ කලය මට වැඩි පිං කෙරූවයි
සළුවෙන් මුවා කර පද්දන හැඟුම් වැල
ඉවසුම් නොදී රඟදෙන රණ හසුන් පෙළ
නෙරියේ කොනක පැටළුනු අරලියා මල
හිමිදිරි උදය කිම මා මේ පිනක් කල
ඉර ඈතයි මගෙ ලෝකෙන් ගොඩක් දුර
සඳ ඈතයි සිව් සිය ගව් සහක් දුර
නුඹ ඈතයි බලනා කවුළුවෙන් දුර
දැනුනාමයි මම කල මහ පවක බර
නුඹ දකිනා මගෙ ඇස වාසනාවන්
නුඹ විඳිනා මගෙ හිත වාසනාවන්
නුඹ පතනා මගෙ හිත වාසනාවන්
නුඹ ලැබෙනා ඔහු තව වාසනාවන්
වරලේ ගසා ඇති අරලිය මලයි සුව
නිතඹේ ඇඳුනු රේඛාවක් කියන කව
සුවදේ ඔබේ ලඟ හමනා සුවඳ තව
ඉඳුලේ නොගිය දෙතොලේ ඇති හිනාවයි
කඳුලේ පහස නොලැබූ වාසනාවයි
මිදුලේ පිපුනු වතු සුදු මල් පරාදයි
උකුලේ කලය මට වැඩි පිං කෙරූවයි
සළුවෙන් මුවා කර පද්දන හැඟුම් වැල
ඉවසුම් නොදී රඟදෙන රණ හසුන් පෙළ
නෙරියේ කොනක පැටළුනු අරලියා මල
හිමිදිරි උදය කිම මා මේ පිනක් කල
ඉර ඈතයි මගෙ ලෝකෙන් ගොඩක් දුර
සඳ ඈතයි සිව් සිය ගව් සහක් දුර
නුඹ ඈතයි බලනා කවුළුවෙන් දුර
දැනුනාමයි මම කල මහ පවක බර
නුඹ දකිනා මගෙ ඇස වාසනාවන්
නුඹ විඳිනා මගෙ හිත වාසනාවන්
නුඹ පතනා මගෙ හිත වාසනාවන්
නුඹ ලැබෙනා ඔහු තව වාසනාවන්
Wednesday, June 15, 2011
ගුරුතුමී
කර්කෂ වචන
ගෝරනාඩු පිරි
කොල්ලුපිටියෙ
මහ ගිණි දවාලක
කරම් පතක
ඉත්තන් මෙන්
විසිවෙන මුහුණු අස්සේ
දුටුව මම
ඒ දයාබර දෑස
මහ සෙනග යන
තාර පාරෙ මැද්දෙම
දූවුලි වැදුන
නුඹෙ දෙපා වැන්දාම
"බුදු සරණයි පුතේ"
කියල කිව්වාම
මට මතක් උනා
"අයන්න කියපන් පුතේ"
කිව්ව හැටි
මගේ දයාබර
ගුරුතුමී...
ඔබ සහ මම
ඔබට ආදරය කල මම
----------------------
ඔබව
"ආදරය" කියා
නම් කළෙමි
...
එවිට
මගේ ආදරය ප්‍රථික්ෂේප කළ ඔබ
---------------------------------
"මූසළයෙක්"
කියා
මා නම් කර ඇත
"මූසළයෙක්"
කියා
මා නම් කර ඇත
මගේ ප්‍රේමය
මහා කිවිඳෙක් ඉඳන්
කලා මට අභියෝගයක්
හරි උඹට හැකිනම්
කරපන් උපමාවක්
උඹේ ප්‍රේමයට
දත් මිටි කාලා
දාඩිය දාගෙන
කට ඇරලම
මම කිව්වා
"අවුට් සාන් සුකී" වගේ
මගේ ප්‍රේමය
නයා
නොදකින් ....
පෙනේ තිබුනට
දළත් තිබුනට
විද්දෙ මොකටද
තවත් විසකට
නැහෙන හින්දා
විසෙන් තව විස
අමතකවද මන්දා
විද්දෙ උඹ මට
විදුම් ලැබූ මම
සාලෙ මැද
සෝෆාවෙ
විදින ලද උඹ
පැඟිරි ගහ යට
සාමදානෙ .....
අම්ම්බලම
හීතල හිරිගඩ්ඩ
නැති උනාට
A/C හිමෙන් තෙත් වෙන
නොයෙක් කාමර අභියස
සුරලොව සැප
...මවන මිහිපිට
කොල්ලුපිටිය ....
ඉබාගාතේ යන
හිඟන මගේ
අළුත් අම්බලම
Sunday, May 1, 2011
සිපගතිමි ගිනි අවිය ..
කකෑරුණු සිතිවිලි
…අතීතය හාරද්දී .
…දෑස් පුපුරා මිරිකෙන
…කදුළු වලට ඉඩදී ...
…විවර කලෙමි
…සිතිවිලි සොරොව්ව ..
…වෙනදාට එක පිට එක
…අවත් රළ
…දෙවැට අද්දර
…ගල් වැටට උඩින් ආවෙම නෑ
… ඒත් අකම එක දවසක් ආවා..
…ගල් වැට
…තිබුනු තැනක් වත් නෑ
…ජීවිතයේ මට උරුම වූ
…සබ්බ සකල මනාවම
…මොහොතකින් රැගෙන යද්දී.
…අවසානයේ ඉතිරි වූ
…හුදෙකලාව මුල් බැසගත්
…කැඩී බිදී විසිරුනු ..
…හිත
…හදාගන්නට බැරිම තැනදී.. …………
…
…සිපගතිමි ගිණි අවිය .. ..
…අතීතය හාරද්දී .
…දෑස් පුපුරා මිරිකෙන
…කදුළු වලට ඉඩදී ...
…විවර කලෙමි
…සිතිවිලි සොරොව්ව ..
…වෙනදාට එක පිට එක
…අවත් රළ
…දෙවැට අද්දර
…ගල් වැටට උඩින් ආවෙම නෑ
… ඒත් අකම එක දවසක් ආවා..
…ගල් වැට
…තිබුනු තැනක් වත් නෑ
…ජීවිතයේ මට උරුම වූ
…සබ්බ සකල මනාවම
…මොහොතකින් රැගෙන යද්දී.
…අවසානයේ ඉතිරි වූ
…හුදෙකලාව මුල් බැසගත්
…කැඩී බිදී විසිරුනු ..
…හිත
…හදාගන්නට බැරිම තැනදී.. …………
…
…සිපගතිමි ගිණි අවිය .. ..
Subscribe to:
Posts (Atom)