Friday, August 5, 2011

පියඹා ඇදෙමි ,,,,,,,

පියඹා ඇදෙමි දුර ඈතක මම තනිව
නෙක වතු උයන් අභිබවමින් ගගන මැද
කඳුහෙල් තැනිතලා බඩ ඕවිටි අතර
සරතැස නොමැත මේ සුවිසල් අහසෙ මට

පණ නළ දිසි මද නල ඇත තනි මකනා
පියඹමි නොයෙක් සෘතු එකිනෙක පහු කරලා
රැය මට පුදසුනකි හද සතුටින් පුදනා
වෙන කිසි දෙයක් නැත ඇවසිව මට දැනිලා

නොනිමා වෙන සැරියෙ මුල් අදියරෙ ඉඳලා
නුඹ වැනි නොයෙක් බාධක ඇත හමූවීලා
හද අලවනා කවි බැඳිමුත් මට කියලා
මම නොනැවතී යමි සඳ නුඹ අතහැරලා

-~~~ ඉරිසියාකාර <3 හිනාව ~~~-



1 comment:

  1. පියඹා යනගමන් පසෙකින් බලන් සඳ
    නුඹත් සමඟ නුඹ අසලින් හඳී සඳ

    ReplyDelete