Saturday, July 23, 2011

-= කවි ලියන්නට බැහැ නුඹ ගැන =-


නුඹෙ රුව මවා හද තුල සිතුවිලි සිරවී
නුඹ ගැන ලියන්නට ගොස් පන්හිඳ නැවතී
කලුවර පුරුදු ඇස් පියවෙන්නේද නැතී
නුඹමය සොඳුරු කව, වෙන කවි වැඩක් නැතී

හිනා නැතුව සැඟවී නුඹ උන් විටදී
සෙනේ පිරුනු පපුවට මහ දුකක් දිදී
දමා ගියොත් මා, නුඹ හට හෙනත් වදී
පිදුව පෙමට නුඹ දුන් දුක බොහොම මදී


කවක් ලියන පැන්සල් කොට උල් කරමී
පොතේ හරි මැදින් කොලයක් ඉරා ගමී
නුඹේ නග්න  රුව මොහොතක මවා ගමී
කවක්
නැතත් මම ඔබෙ සිතුවම අඳිමී

-~~~ ඉරිසියාකාර හිනාව ~~~-



3 comments: