කකෑරුණු සිතිවිලි
අතීතය හාරද්දී .
දෑස් පුපුරා මිරිකෙන
කදුළු වලට ඉඩදී ...
විවර කලෙමි
සිතිවිලි සොරොව්ව ..
වෙනදාට එක පිට එක
අවත් රළ
දෙවැට අද්දර
ගල් වැටට උඩින් ආවෙම නෑ
ඒත් අකම එක දවසක් ආවා..
ගල් වැට
තිබුනු තැනක් වත් නෑ
ජීවිතයේ මට උරුම වූ
සබ්බ සකල මනාවම
මොහොතකින් රැගෙන යද්දී.
අවසානයේ ඉතිරි වූ
හුදෙකලාව මුල් බැසගත්
කැඩී බිදී විසිරුනු ..
හිත
හදාගන්නට බැරිම තැනදී..
සිපගතිමි ගිණි අවිය .. ..
No comments:
Post a Comment